___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 17, 2014

බසයේදී කාන්තාවකට අතවර කර රිමාන්ඩ්

මගී ප්‍රවාහන බස් රථයක ගමන් කළ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සහ ඇයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලත් තරුණයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඊයේ (17) දින නියෝග කළේය.
පසුගිය 15 දින පස්වරුවේ. ගම්පහ නගරයට ළඟවෙමින් තිබූ බස් රථයක ගමන් කළ කාන්තාවකට එම බස් රථයේ ගමන් කළ තරුණයෙකු ලිංගික අතවර කිරීමට තැත් කර ඇති අතර, සිද්ධියෙන් බියටපත් කාන්තාව බසයෙන් බිමට පැන ඇත.

එහිදී එම තරුණය බසයෙන් පැන නගර මධ්‍යයේ දෙනෝ දහසක් බලා සිටියදී කාන්තාවට අතින් පයින් පහර දී ඇත. එම සිද්ධිය දුටු පුවත්පත් කලාවේදියකු එම ස්ථානයට පැමිණ සැකකරුව මෙල්ලකිරීමට උත්සාහ කිරීමේදී ඔහු පලාගොස් ඇති බවද පැමිණිල්ලෙන් කියැවිණ.සැකකරු ලුහුබැඳ ගිය පුවත්පත් කලාවේදියා සැකකරුව ගම්පහ ‍පොලීසියට භාරදී ඇත. මෙසේ බන්ධනාගාරගත වූයේ ගම්පහ ප්‍රදේශයේ ප්‍රදීප් ජයශාන්ත නැමැති 27 වියැති තරුණයෙකි.
ගම්පහ ‍පොලීසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X