___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 23, 2014

සිගමනට යොදාගන්නා දරුවන්ගේ ඇත්ත මවුපියන් සොයයි

දරුවන් ළඟ තබාගනිමින් සිගමන් යදින කාන්තාවන්, පිරිමින් සතුව සිටින දරුවන් ඔවුන්ගේම දරුවන්ද යන්න සොයාබැලීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. රථවාහන තදබදයකදී සහ සංඥා පුවරු අසල රථවාහන නවත්වන අවස්ථාවේදී සිගමන් යදින පිරිස් අත්අඩංගුවට ගැනීමටත් මෙම මෙහෙයුමේදී කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දරුවන් ළඟ තබාගෙන සිගමන් යදින බොහෝ පිරිස් ළඟ සිටින්නේ ඔවුන්ගේ දරුවන් නොවන බවට
පොලීසියට තොරතුරු ලැබීම නිසා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවසීය. මීට අමතරව වාහන නවතා තැබෙන අවස්ථාවේදී මුදල් ලබානොදුනහොත් වාහනවලට හානිකිරීම සිගමන් යදින පිරිස් කටයුතු කරන බවට පැමිණිලි ලැබෙන බැවින් වාහන නවතා තැබෙන අවස්ථාවේදී සිගමන් යදින පිරිස් අත්අඩංගුවට ගන්නා බවද එම නිලධාරියා පවසා සිටියේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X