___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 28, 2014

රාවණා රජුට දඬුමොනර තිබී නෑ – පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

සමහරැන් රාවණා රජ කෙනෙක් ගැන කියමින් ඉතිහාසය විකෘති කරන බව පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක  මහතා පවසයි.
ශ‍්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ  සභාව සංවිධානය කළ මාධ්‍ය සාකච්ජාවකට සහභාගී වෙමින ඒ මහතා මේ බව කියා සිටියේය.
‘රාවණා වෘත්තාන්තයක් පවත්වාගෙන යන පළියට පොතක ලියැවුණු පමණට කිසිම සාධකයක් නොමැතිව ලාංකීය ඉතිහාසය වෙනස් කළ නොහැකියි.  පුරාවිද්‍යාවේ කාර්යයභාරය වන්නේ යමක් පැවසීම හෝ ඒ පවසන සියල්ල පිළිගැනීම නොවේ.
ඒ අදාළ ස්ථාන  පරීක්ෂා කොට අනන්‍යතාව තහවුරු කර ගැනීම පුරාවිද්‍යාවේ කාර්යයයි.  උමගක් සොයාගත් පළියට මෙය රාවණගේ ගමන් මග කියා තීරණය කළ නොහැකියි.  මානව බලපෑමකින් තොරව ස්වාභාවික උමං මාර්ග පවා තිබෙනවා.  මේ පවසන දේවල් අනුව එදා රාවණා රජු සූර්ය තාපය න්‍යෂ්ඨික තාපය භාවිතා කරලා තියෙනවා.  රාවණා යුගයේ පැවැති බව කියන යුද ගුවන් යානා ගැන කියනවා. පුරාවිද්‍යානුකූලව රාවණා රජ සමය කියැවෙන්නේ ක‍්‍රි.  පු.  6000 පමණ. ඒ අවධියේ දියුණු ශිෂ්ඨාචාර යුගයක් පැවති වකවානුවක් නොවෙයි’ යයිද ඒ මහතා එහිදී ප‍්‍රකාශ කළේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X