___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 24, 2014

මාලඹේ මුද්‍රණ ආයතනයේ ගින්න ගැන පොලිසියෙන් විමර්ශන


මාලඹේ තලාහේන ප‍්‍රදේශයේ මුද්‍රණ ආයතනයක අද උදෑසන ඇති වූ ගින්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ රස පරීක්‍ෂක වාර්තාවක්ද ලබාගන්නා බවයි. මෙම ගින්නෙන් මුද්‍රණ ආයතනයේ ඉදිරිපස කොටස විනාශයට පත් වුණා. ගින්න මැඩපැවැත්වීම සදහා ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ 3 ක් යෙද වූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
ඊට අමතරව දෙහිවල සහ කොළඹ යන ගිනි නිවීම් ඒකකවලින්ද සහාය ලබා ගැනුණා. ගින්න හේතුවෙන් අද පෙරවරුවේ මාලඹේ සහ ඒ අවට මාර්ගවල දැඩි රථ වාහන තදබදයක්ද පැවතුනා.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X