___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 21, 2014

බිංගෙයින් මතු වූ අරක්කු

ආගරපතන, ටොරින්ටන් වතුයායේ නිවසක භූගත මත්පැන් ගබඩාවක් ආගරපතන පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ සිදුකළ වැටලීමකදී එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 50 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම නිවසේ කාමරයක පොළව යට සකස් කර තිබූ බංකරයක් තුළ එම මත්පැන් බෝතල් සූක්‍ෂමව අසුරා තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අදාළ නිවස වැටලූ අවස්ථාවේදී මත්පැන් තොගය ගබඩා කර තිබූ කාමරයේ යතුර නොමැති බවත් කාමරය විවෘත කිරීමට ඉඩදිය නොහැකි බවත් එම සැකකරු පවසා තිබෙනවා.

ඒ අනුව පොලිස් නිලධාරින් දෙදෙනෙකු එම ස්ථානයේ රදවා ආගරපතන පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ නියෝගයක් ලබාගැනීමට ගිය අවස්ථාවේ සැකකරු වස පානය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඔහු මේ වනවිට නුවරඑළිය මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු පොලිස් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්ථා වේ.







 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X