___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 17, 2014

බරපතළ වසංගත රෝග අවදානමක්

ලොව පුරා වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ බරපතළ අවදානමක් තිබෙන බැවින් අදාළ අංශ සූදානමින් තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අංශය වෙත අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.බි. දෙනුවර මහතා සඳහන් කළේය.
මිනිස් සිරුරට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් කාන්දු වීමකින්, සතුන් මාර්ගයෙන්, අලුතින් නිර්මාණය වූ වෛරසයකින්, දූෂිත වූ ආහාර මගින් හෝ දූෂිත ජලය මගින් හෝ ඖෂධ මගින් මෙම වසංගත තත්ත්වය ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකය සඳහන් කරයි.

මේ අනුව ගුවන්තොටුපළ, වරාය, රේගුව, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය, ඇතුළු ආයතන රැසක නියෝජිතයින් දැනුවත් කිරීමේ කටයුතු ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යක්ෂවරයා පැවැසීය.
මේ වන විටත් ඉබෝලා රෝගය ලොව පුරා රටවල් ගණනාවක පැතිර යමින් මිනිස් ජීවිත දහස් ගණනක් රෝගීන් බවට පත් කිරීමට පටන් ගෙන ඇති නමුත් එය මර්දනය කිරීමට අවශ්‍ය ප්‍රතිකාර මේ වන තෙක් සොයා ගෙන නොමැති වීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පෙන්වා දී ඇතැයි හෙතෙම පැවැසීය.
ඉබෝලා වෛරසය මෙරටට ඇතුළුවීමට තිබෙන ඉඩකඩ සියල්ල මේ වන විටත් අහුරා ඇති අතර පැය 24 පුරාම කටුනායක ගුවන් තොටුපළේ රෝග නිවාරණ කටයුතු ආවේක්ෂණය කිරීම සිදු කරන බවද වෛද්‍ය දෙනුවර මහතා පැවැසීය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X