___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 14, 2014

ශ්‍රී ලංකාවේ මාළුන්ට යුරෝපයෙන් තහංචි

යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගනු ලබන මත්ස්‍ය නිෂ්පාදන නවතා දැමීමට තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකාව මගින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම තීරණයට එළඹි බව යුරෝපා කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඒ අනුව මාස 3ක කාලයකින් පසු මෙම මත්ස්‍ය නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීම නවතන බව නිල වශයෙන් දන්වා තිබේ. 


යුරෝපා රටවල් වෙත මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් උපයන මුදල රුපියල් බිලියන 22කි. 

ශ්‍රී ලංකාව ඇතුළු බෙලීස්,ෆීජි,පැනමා,ටෝගෝ, වනවාටු යන රටවලට යුරෝපා කොමිසම විසින් මීට පෙරාතුව මත්ස්‍ය නිෂ්පාදයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීම පිළිබඳ උපදෙස් ලබාදී තිබුණු අතර එසේ නොකරන්නේනම් මත්ස්‍ය නිෂ්පාදන මිලදී නොගන්නා බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබිණි. 

එබැවින් බෙලීස්,ෆීජි,පැනමා,ටෝගෝ, වනවාටු යන රටවල් යුරෝපා කොමිසමේ උපදෙස් මත නිෂ්පාදන ප්‍රමිති ආරක්ෂා කිරීමට පියවර ගත් බැවින් එකී රටවල පනවන්නට නියමිතව පැවති වාරණය අත්හිටුවීමට තීරණය කර තිබේ. 

එසේ වුවද ශ්‍රී ලංකාව දිගින් දිගටම එම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට නිසි පියවරක් නොගත් බැවින් මෙලෙස මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම නවතා දැමීමට තීරණය කළ බව යුරෝපා කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X