___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 23, 2014

වෙරිමතින් මහනුවරදී දුම්රියක් නැවතූ හත් දෙනෙකු රිමාන්ඞ්


මහනුවර සිට කොළඹ බලා ඊයේ සවස ධාවනය වූ නගරාන්තර සීග‍්‍රගාමී දුම්රිය බලහත්කාරයෙන් කඩුගන්නාව දුම්රිස් ස්ථානය ආසන්නයේ නතර කළ එම දුම්රියේම ගමන්ගත් පුද්ගලයන් හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අධික ලෙස බීමතින් සිට ඇති මෙම පුද්ගලයන් 7 දෙනා කඩුගන්නාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇති බවයි. මේ නිසා දුම්රිය ධාවනය පැය භාගයකින් පමණ ප‍්‍රමාද වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමගම එම ස්ථානයට පැමිණි කඩුගන්නාව පොලිසියේ් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව සැකකරුවන් මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 29 වනදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
එලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන්ගෙන් එක් අයෙකුගේ බිරිදක් මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදනාව මත පල්ලෙකැලේ බන්ධනාගාරයේ රදවා සිටින බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ. සැකකරුවන් හත් දෙනා එම කාන්තාව බැලීම සදහා පල්ලෙකැලේ බන්ධනාගාරයට ගොස් ආපසු එමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත් වුණා.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X