___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 30, 2014

පුංචි දූපුතුන් 182ක් කොස්ලන්දේ අනාථයි

 හල්දුම්මුල්ල, මීරියබැද්ද කන්ද නායයෑමෙන් වයස අවුරුදු 12 අඩු දරුවන් 182දෙනෙකු අවතැන් වී ඇති බවත් කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ එම පිරිස් රඳවා ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ගැහැණු දරුවන් 82ක්ද, වයස අවුරුදු 12ට අඩු පිරිමි දරුවන් 100ක්ද, කාන්තාවන් 179දෙනෙකුද, පිරිමි පුද්ගලයින් 157දෙනෙකුද අවතැන් කඳවුරුවල සිටි.මීට අමතරව පූනාගල දෙමළ මහා විද්‍යාලයේ පවුල් 100කට වැඩි පිරිසක් රැදී සිටින බව වාර්තා වෙයි.

මීරියබැද්ද නාය යාමෙන් දෙමාපියන් අහිමි වූ දරුවන් 75 දෙනාගේ වගකීම රජය විසින් භාර ගෙන තිබේ. ඒ අනුව ඔවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් සියලු කටයුතු රජයේ මැදිහත්වීමෙන් සිදුවන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකායක් සිදුකරමින් පැවසීය.  කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය දරුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා ජනපතිට දැනුම් දී ඇත.
ඒ අනුව නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු ගැන තොරතුරක් නොමැත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X