___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 23, 2014

ජනපති මහින්දගේ 10 වන අයවැය අද පාර්ලිමේන්තුවට

අරලියගහ මන්දිරයේදී විශේෂ කැබිනට් රැස්වීමක්

2015 වසරට අදාළ අයවැය ලේඛණය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අයවැය ලේඛණය ඉදිරිපත් කරනු ඇති. අයවැය ලේඛණයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉකුත් මස 26 වනදා අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව 2015 වසරේ රජයේ වියදම රුපියල් බිලියන 1812 ක්. එම වියදම පියවා ගන්නා ආකාරය ඇතුළත් යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කෙරෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ 10 වන අයවැය ලේඛණය මෙය වන අතර නිදහසින් පසු ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන 69 වන අයවැය
ලේඛණයද මෙයයි. අයවැය දෙවන වර කියවීමේ විවාදය හෙට සිට ලබන පළමු වනදා දක්වා පැවැත්වෙනවා. නොවැම්බර් මස 3 වනදා අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය ආරම්භ කෙරෙන අතර එය අවසන් වන්නේ ලබන 24 වනදායි. ඒ අනුව එදින පස්වරු 6.30 ට අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති. මේ අතර අයවැය ලේඛණය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර විශේෂ කැබිනට් මණ්ඩල රැුස්වීමක් පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි. අයවැය යෝජනාවලිය අමාත්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීම එහිදී සිදු කෙරෙනවා. මේ අතර අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය සහ ඒ අවට ප‍්‍රදේශවල විශේෂ ආරක්‍ෂක වැඩසටහනක්ද කි‍්‍රයාත්මකයි. කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඉකුත්දා කියාසිටියේ මන්තී‍්‍රවරුන්ගේ විවේක කාමර සහ ඇදුම් අල්මාරි සියල්ලද ආරක්‍ෂක අංශ විසින් පරීක්‍ෂාවට ලක් කෙරෙන බවයි. අද දිනයේදී පාර්ලිමේන්තු මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක් සීමා කෙරෙනවා. සියලූ ආරාධිතයන්ට ජයන්තිපුර පිවිසුමේ සිට මහජන පිවිසුම දක්වා විශේෂ ප‍්‍රවාහන සේවාවක්ද සපයන බවයි කථානායක චමල් රාජපක්‍ෂ මහතා කියාසිටියේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X