___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 26, 2014

අවුරුදු 67 කට පසු සැබෑ පිටසක්වළ ජීවියෙකුගේ ඡායාරූපයක් එලියට!


පිටසක්වළ ජීවින් පිලිබඳ පර්යේෂකයෙකු වන ටොම් කැරේ තමාට නියත වශයෙන්ම පිටසක්වල ජීවියෙකුගේ බව තවුරුකළ හැකි ඡායාරූපයක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වෙත හෙළිදරව් කොට තිබේ. දෙවන ලෝක යුද්ධ සමයේදී ඇමෙරිකානු රහස් ඔත්තුකරුවෙකුගේ මෙම ඡායාරූපය ලැබී ඇති බව ටොම් විසින් පවසා තිබේ. ඇමරිකාවේ නෙවාඩා කාන්තාරයේ ඇමරිකාව විසින් රහසිගතව පවත්වාගන යන Area 51 කලාපයට අනුයුක්තව සේවය කළ සෙබලෙකු විසින් තහවුරු කරන ලද මෙම ඡායාරූපය ලබා දී තිබේ.
බේරුවල මාගල්කන්දේ නිවසක ශිතකරණයේ තබා තිබු  රන් පවුම් එකොළහක් සොරකම් කළැයි කියන පෙදරේරුවා ගැන ඉවක් ලබා දීමට කළුතර පොලිස් සුනඛ ග්‍රේරෝ සමත්විය.
රන්බඩු ඔතා තිබු රෙදි කැබැල්ලේ ඉව ඔස්සේ අසල නිවසකට ග්‍රේරෝ  ගිය නමුත් පෙදරේරුවා එහි නොසිටි බව කියති.
වැඩි ආරක්ෂාව සඳහා ශිතකරණයේ රන්බඩු තබා ඇතැයිද එහෙත් එක් අසල්වැසියකු පමණක් ඒ බව දැන සිටි බවද නිවස හිමියෝ කියති.

පවිත්‍රා ගැන කියද්දී සිරිකොතේ විදුලිය නැති වේ

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිරිකොතට ගිය රාජිත සේනාරත්න හිටපු ඇමැති කතා කරද්දී එක්වරම විදුලිය නැති විය.
ශබ්ද විකාශන යන්ත්‍ර ද ක්‍රියා විරහිත විය.
එවිට වේලාව පස්වරු එක පමණ විය.
රාජිත සේනාරත්න මහතා විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විවේදනය කරද්දී විදුලිය ඇන හිටි බව එහි සිටින මාධ්‍යවේදීහු සිටිති.
‘විදුලිබල ඇමැතිනිය කිව්වා ආණ්ඩුවෙන් තව එක්කෙනෙක්වත් එන්නේ නෑ කියා. අපි එක දත ගානෙයි ගලවන්නේ.

Monday, November 24, 2014

යාපනය විශ්ව විද්‍යාලය පුරා කැළැ පත්තරයක්

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු සහ සිසුන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරණ බවට ඔවුන්ගේ නම් ඇතුළත් පෝස්ටර් යාපනය විශ්ව විද්‍යාලය පුරාම අලවා තිබේ. ඊයේ (24) වෙනිදා සිට මෙම කැළෑ පත්තර දැකගත හැකි බවයි වාර්තා වෙන්නේ.
මහාවීර සතිය සමරනු ලැබුව හොත් ඔවුන්ව කිසිදු අනුකම්පාවකින් තොරව ඝාතනය කරන බවටයි මෙම පෝස්ටර්වල සදහන් වන්නේ.

සරල ඇප ක‍්‍රමයක් හඳුන්වාදීමට සූදානම්

ඉතා සරල සහ ලිහිල් ඇප ක‍්‍රමයක් මෙරට අධිකරණ පද්ධතියට හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසනවා. මාතර බන්ධනාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඇතැම් සුළු වැරදි සඳහා ද විශාල ඇප නියම කිරීමේ තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.

දෙරණ 360 දේශපාලන වැඩසටහන නවතයි

(24) රාත්‍රී 10.00ට දෙරණ රූපවාහිණි නාලිකාවේ විකාශය කිරීමට නියමිතව තිබූ 360 දේශපාලන වැඩසටහන හදිසියේම තාවකාලිකව නවතා දමා තිබේ.
අද වැඩසටහන සඳහා සහභාගීවීමට නියමිතව සිටියේ උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතායි.
කෙසේවෙතත් අද රාත්‍රී 8.00ට විකාශය වූ දෙරණ නාලිකවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේදී සඳහන් කළේ 360 දේශපාලන වැඩසටහන මෙහෙයවන මාධ්‍යවේදීනී ඩිල්කා සමන්මලී අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙම වැඩසටහන අද විකාශය නොවන බවයි.

පරිගණක තොරතුරු සොරකම් කරන දරුණු පරිගණක වෛරසයක්

මෙතෙක් බිහි වූ දරුණුතම ඝනයේ පරිගණක වෛරසවලින් එකක් සිය ආයතනයට සොයා ගත හැකි වූ බව ප්‍රමුඛ පෙළ පරිගණක දත්ත ආරක්ෂක සමාගමක් පවසයි.
යම් කිසි රටක ආණ්ඩුවක් විසින් සකසා ඇති බවට විශ්වාස කෙරෙන ‘රෙජින්’ නමැති වෛරසය වසර හයක සිට ලෝකය පුරා ඇති ආයතන ඉලක්ක කොට ක්‍රියාත්මක කර ඇති බව ‘සිමන්ටෙක්’ පරිගණක දත්ත ආරක්ෂක සමාගම නිවේදනය කර ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය.

‘වියරුවට එරෙහිව’ අද කොටුවේ

කොළඹ කොටුවේදී අද (25) සවස 3.00 ට වීදියේ විරෝධය මහ වියරුවට එරෙහිව ලෙස සංවිධානය කරන ලද විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
නව වෙනසක් සහ දේශපාලනික ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම වෙනුවෙන් මෙම විරෝධතාවය පැවැත්වෙනු ඇති.

Sunday, November 23, 2014

සෝලන්ගාරච්චි මෛත්‍රිපාලගේ වාහනයේ

කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න සොලන්ගරච්චි මහතා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මාධ්‍ය හමුවට සහභාගී වී සැඟවී වාහනයකට වී සිටී බව වාර්තා වේ.ඔහු මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහායට ඉදිරිපත්වීම නිසා ආරක්ෂාවට සිටි නිලධාරීන් මේවනවිට ඉවත් කර ඇත.

ඉන්දීය ධීවරයින් 14ක් නාවික හමුදා අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කළ බව කියන ඉන්දීය ධීවරයන් 14 දෙනෙකු යාපනය ඩෙල්ෆ් දූපත ආසන්නයේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසුරිය මහතා ප‍්‍රකාශ කළේ වැඩිදුර විමර්ශන සදහා මෙම ධීවරයන් පිරිස උතුරු පළාත් ධීවර පරීක්‍ෂකවරයා වෙත භාර දුන් බවයි. 

එම ධීවරයන් පැමිණි යාත‍්‍රා 4 ක් ද නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.  

බාල වයස්කාරියක් කෙළෙසූවෙකුට නිදොස් කොට නිදහස්

වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක් දුෂණය කර ඇය ගැබිණියක් බවට පත් කළේ යැයි අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවෙකු එම චෝදනාවලින් අද නිදොස් කොට නිදහස් කෙරුණා.

අනුරාධපුර මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ලබාදුන් නියෝගයකට අනුවයි.

අතුරුදන්වූ විදුහල්පති ගෙදර එයි

අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්‍රපාල මහතා දින 7 කට පසු පොළොන්නරුවේ සිට ඊයේ (23) රාත්‍රියේ සිය නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
තමාට සිදුවූ  කිසිවක් මතක නැති බවත් ඉන්පසු ඔහු රෝහල් ගත වී ඇති බවත් නිවසට පැමිණ පොලිසිය හමුවට ගිය විදුහල්පතිවරයා පවසා ඇත.

චීනය දකුණු චීන මුහුදේ මිලිටරි දිවයිනක් ඉදිකරයි

චීනය විසින් ආන්දෝලනාත්මක දකුණු චීන මුහුදේ කොරල් පරයක් මත දැවැන්ත දිවයිනක් ඉදිකරමින් ඇතැයි අනාවරණය වී තිබේ.
පිලිපීන බුද්ධි අංශ විසින් ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූපයක් මගින් මෙම දිවයින පිළිබඳ හෙළිවී ඇති අතර ඩිෆෙන්ස් වීක්ලි සගරාව පවසා ඇත්තේ ඛනිජ වලින් පොහොසත් අර්ධද්වීපය තුළ මිලිටරි ඉදිකිරීම් සිදුකිරීමට චීනය සූදානම් වෙමින් ඇති බව මින් තහවුරු වන බවයි.

මෙම දිවයින මීටර් 3000ක් පමණ දිගින් සහ මීටර් 200-300ක් පමණ පළලින් යුතු වන අතර එය ගුවන් පථයක් ඉදිකිරීම සඳහා ප‍්‍රමාණවත් වනු ඇතැයි පැවසේ.

Saturday, November 22, 2014

නොමිලේ දුන් ඇපල් ඇප්ස් දැන් මුදලට

මේ වන විට ඇපල් ඇප් ස්ටෝර් එක මගින් නොමිලේ ලබා දුන් ඇප්ස් නොමිලේ බාගත කර ගැනීමට නොහැකි බව ඇපල් පාරිභෝගිකයින් චෝදනා කරනවා. ඔවුන් ඒ සදහා ඉදිරියේදී යම් කිසි මුදලක් අය කිරීමට කිරීමට සැලසුම් කර සිටින බවයි අදහස.

දැනටමත් ඇපල් අයිෆෝන් 6 සහ අයිපෑඩ් එයාර් 2 වැනි උපාංග ඔබ භාවිතා කරනවා නම් මේ නව වෙනස දැක ගැනීමට හැකියි. දැනට මේ වෙනස සුළු දෙයක් වුවද කෙටි කාලයක් යාමේදී ඇප්ස් යාවත්කාලින කිරීමේදී  අපහසුතාවයන්ට පත්වේ.

කාන්තාවන්ගේ ලිංගික ආශාව හිතන් හිටියාට වඩා සංකීර්ණලූ

කාන්තාවන්ට ලිංගික ආශාව ජනනය වීම පෙර සිතා සිටි ආකාරයට වඩා සංකීර්ණ ක‍්‍රියාවලියක් බව නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

ඇමරිකානු පර්යේෂකයින් පිරිසක් විසින් සිදුකළ මෙම අධ්‍යනයෙන් හෙළිවී ඇත්තේ කාන්තාවන්ගේ ලිංගික ආශාව ඇති කිරීම සඳහා හෝමෝන විසින් සිදුකරන්නේ කුඩා කාර්යභාරයක් බවයි.

මේ සඳහා ආර්තවහරණය අතරමැද සිටින කාන්තාවන් 3302ක් සහභාගී කරගෙන ඇති අතර ඔවුන්ගේ හෝමෝන මට්ටම් සහ ලිංගික චර්යාව අතර සාම්‍යයක් තිබේදැයි පරීක්‍ෂා කර බලා තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිසා උතුරට වැසිකිළි

2016 වන විට උතුරු පළාතේ වැසිකිළි නොමැති සියලුම පවුල්වලට එක් වැසිකිළිය බැගින් ලබාදෙන බව සඳහන් වෙයි.
ඒ ශ්‍රී ලංකාවේ සමස්ථ පවුල්වලින් 87248 කට වැසිකිළි පහසුකම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කළ සමීක්ෂණයකින් හෙළි වීමෙන් අනතුරුවය.

රැකියාව නිදාගැනීම වැටුප ලක්ෂ 23

නාසා ආයතනය විසින් අවකාශය තුල මාංශ පේශිවල සහ අස්ථි වල හැසිරීම පිළිබද අවබෝධ කරගැනීම සදහා පර්යේෂණයක් සිදුකරමින් සිටිනවා. ඔවුන් මෙම පරීක්ෂණය සිදු කරන්නේ පුද්ගලයෙකු යොදාගෙනයි.
මෙම පුද්ගලයා යොදා ගනිමින් නාසා ආයතනය සිදු කරන්නේ එම පර්යේෂනයේම කොටසක් වන " CFT 70 " අධ්‍යයනයයි. මේ සදහා එම පුද්ගලයාට නාසා ආයතනය විසින් විශාල මුදලක් ගෙවනු ලබනවා.

ලූනු ගොවියෝ දඹුල්ල වටලති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලොකු ‍ලූනු ‍තොග රැගෙන ආ ගොවීන්ට සාධාරණ මිලකට විකුණාගත නොහැකි වීමෙන් ක්ෂණිකව උද්ඝෝෂණයකට පෙළඹී ඇත. තම අස්වැන්නට සාධාරණ මිලක් ලැබීමටනම් කිලෝවක් රුපියල් 90-95 අතර මිලකට අලෙවි කර ගත යුතු වුවද මේ වනවිට රුපියල් 40ක පමණ මිලකට පහත වැටී තිබේ.
ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන ලොකු ලූනු තොග නිසා තමන්ගේ අස්වනු විකුණාගත නොහැකිවීමෙන් මෙම තත්වය උදාවී ඇති බව එම ගොවීහු චෝදනා කරති.

Friday, November 21, 2014

නිල නිවාසයේ තෙවන මහලින් බිමට වැටුණු හමුදා සෙබළියට බරපතළ තුවාල

කොළඹ, කිංසි පාරේ පිහිටි කාන්තා යුද හමුදා රෙජිමේන්තුවට අයත් නිල නිවාසයේ තෙවන මහලින් බිමට වැටී සෙබළියක් බරපතළ තුවාල ලබා තිබේ.
අනතුරින් පසු සෙබළිය  ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
ඊයේ සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ කාන්තා යුද හමුදා රෙජිමේන්තුවේ තූර්ය වාදක ඛණ්ඩයට අයත්  21 හැවිරිදි සෙබළියකි.

මෛත්‍රීගේ මාරුවෙන් පෙලොන්නරුවේ ගිනිකෙළි (ජායාරූප)

ඉදිරි ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමති ‍මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත්වීමේ පුවත කන වැකී පො‍ෙළාන්නරු දිස්ත්‍රීක්කයේ ජනතාව රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා කර තිබේ.

බස් රියක් ප‍්‍රපාතයකට පෙරළෙයි

මාවනැල්ල පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් ප‍්‍රපාතයකට පෙරළීමෙන් අද අලූයම අනතුරක් සිදුවුණා.
කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 4 දෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
 ප‍්‍රතිකාර සඳහා ඔවුන් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර සිටිනවා.

සෙල්ලම් පිස්තෝල නගරාධිපති ආවේ මෛත්‍රී අල්ලන්නද ?

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ නව නගර ශාලාවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් කොට ඇති අතර මේ වනවිට එම ස්ථානයට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාගේ ආධාර කරුවන් පිරිසක් රැස්ව ඇතැයි වාර්තා වේ. 
හම්බන්තොට නගරාධිපති

මහින්දගේ රත්‍රං තොගය අභිරහසක්

මහින්ද රාජපක්ෂ මහතා විසින් අනුරාධපුරයේ ඉදිකරන සඳහිරු සෑය ධාතු
ගර්භයේ කිලෝ තුන්දහස් පන්සියයක බරින් 
යුතු රත්‍රං තහඩු 16,960ක් තැන්පත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙම රත්‍රං තොගය සොයාගත්තේ කෙසේ දැයි බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ.
ඇතැම් වර්තා සඳහන් කරන්නේ මෙම රත්‍රං ශ්‍රී ලංකා යුද හමුදාව සතුව තිබූ බවයි.

ශ්‍රී ලංකාවේ සිට චීනයට නව ගුවන් සේවයක්

ශ්‍රී ලංකාව සහ චීනය අතර ගුවන් ගමන් පුළුල් කිරීමේ අරමුණින් චීනයේ කුන්මිං වෙත නව ගුවන් සේවයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබේ. 

ඒ අනුව ලබන මස 01 වැනි දින සිට මෙම නව ගුවන් සේවය ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. 

මේ වනවිටත් චීනයේ , බීජිං, ෂැංහයි, කැන්ටන් සහ හොංකොං වෙත සතියකට ගුවන් ගමන් වාර 15 ක් ශ්‍රී ලංකන් ජාතික ගුවන් සේවය සිදුකරනු ලබයි. 

Thursday, November 20, 2014

තුන්පාරක් බැහැ කියන්නේ මේකයි

"මහින්දට තුන්වරක් බැහැ - නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා" යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණත්  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය ඇතුළු නීති විශාරදයන්විශ්වවිද්‍යාල ආචාර්යවරුන්සිවිල් සංවිධාන ක්‍රියා කාරීන්උගතුන් - බුද්ධිමතුන් සම්මන්ත්‍රණ පවත්වමින් පෝස්ටර් ව්‍යාපාර දියත් කරමින් රට පුරා මතයක් ගොඩනැගූ අතර සමාජජාල ක්‍රියා කාරීන්ද ඒ සඳහා විශාල දායකත්වය දක්වමින් සිටී.

බයික් බෙදිල්ල නිසා හමුදාව කළකිරෙයි

රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි බෙදා දුන්නද යුද්ධය වෙනුවෙන් ජීවිත පවා කැපකර සිටි තමන්ට එම අයිතිවාසිකම ලබා නොදීම පිළිබඳව ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් දැඩි කළකිරීමට ලක්ව ඇති බව අනාවරණය වේ.
මේ වනවිට රුපියල් 50,000ක් වැනි අඩු මුදලකට බොහෝ රාජ්‍ය සේවකයන්ට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පවා යතුරුපැදි බෙදා දී අවසානය. 

කාන්තා ක‍්‍රිකට් ලිංගික අල්ලස් සිද්ධියේ වැරදිකාරිය මෙන්න

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ ලිංගික අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාරියක් නැති හේතුවෙන් එහි වැරදිකාරිය බවට පත්ව සිටින්නේ සම්බන්ධීකරණ කටයුතු බාරව සිටින නිලධාරිනියක් බව වාර්තා වෙයි.

අදාල චෝදනා සියල්ල ඇගේ ගිණුමට බැර කිරීමෙන් පසු ඇය ගෙදර යැවීමට මේ වනවිටත් පිඹුරු පත් සකස් වෙමින් සිටින්නේ මූලස්ථානයේ ඉහළ පෙළේ නිලධාරියෙකුගේ උවමනාවට බවද ආරංචි මාර්ග කියයි.

නවක ක්‍රිඩකයින්ගේ FACEBOOK භාවිතය ගැන මැතිව්ස් කථා කරයි

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ඇතැම් නවක කී‍්‍රඩකයින් දක්‍ෂතා අතරට නොපැමිණීමට සම්බන්ධයෙන්  කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා ඉකුත්දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ අදහස් දැක්වුවා.
කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පෙන්වා දුන්නේ විදෙස් තරග සංචාරවලට සහභාගි වන තරුණ කී‍්‍රඩකයින් රාතී‍්‍ර කාලයේදී ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවි භාවිත කිරීම ඇතුළු විවිධ කි‍්‍රයාවන් සදහා සිය කාලය යොදවන බවයි.
තරුණ ක්‍රීඩකයින් තරගාවලි වලට ගියහම තරගය අවසන් වෙලා මේ කට්ටිය රැ එළිවෙනකම් ඉන්නේ Facebook වල. උදේට ක්‍රීඩා කරන්න බැහැ .

මරණ දඩුවම නියමවු ධීවරයින්ට ජනපති සමාව

මෙරට අධිකරණය මගින් මරණ දඩුවම නියම වී පසුව ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් පස් දෙනා චෙන්නායි නුවරට පැමිණ තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාති‍්‍රයේ සිය රට පැමිණි මෙම ධීවරයින් අද දිනයේ ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව යනු ඇති බවයි.  ඔවුන් සිය පවුලේ සාමාජිකයන් සමග එක්වන්නේ වසර 3 කට පසුව බවද එන්ඞීටීවී වෙබ් අඩවිය වාර්තා කළා.

කන්න පුළුවන් දීසි (වීඩියෝ)

දීසි සේදීම හිසරදයක් ද? මුළුතැන්ගෙය තුළ ගොඩගැසුනු ඉඳුල් දීසි ගොඩ අවම කිරීමට බෙල්ජියන් ජාතිකයන් දෙදෙනෙකු අපූරු අදහසක් ලබා දී තිබේ.ඒ සාමාන්‍ය දීසි වෙනුවට ආහාර සමගම අනුභව කළ හැකි ආහාර රඳවනයකි.
එක් දිනක මිතුරු මිතුරියන් හට සාදයක් පැවැත්වීමෙන් අනතුරුව මුළුතැන්ගෙය තුළ ගොඩගැසුනු ඉඳුල් දීසි ගොඩ දැකීමෙන් මොවුන් මෙම අදහස පළ කර ඇත්තේ විහිළුවක් ලෙසිනි. කෙසේ වෙතත්,

Wednesday, November 19, 2014

තරුණ ක්‍රීඩකයන් දක්ෂතා අතරට නොඑන්නේ Facebook නිසාද?

ක්‍රීඩා ඇමතිගෙන් හෙළිදරව්වක් !

ආන්දෝලනයට පත් නිමා වූ ඉන්දීය සංචාරයේ ශ්‍රී ලංකා පිලේ පරාජයට තුඩු දුන් කරුණු සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක් ඊයේ (19) දිනයේදී ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටින ලදී. තරුණ ක‍්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණීමට ප‍්‍රධාන හේතු පිළිබඳව ක‍්‍රීඩා අමාත්‍යවරයා පළමු වරට මාධ්‍යයට නෙත් එෆ්.එම්. අන්ලිමිටඞ් වැඩසටහන තුලින් අනාවරණ කොට තිබුනේ මෙලෙසිනි.

අනුරාධපුර රෝහලේ ගින්නෙන් වූ පාඩුව

අනුරාධපුර මහරෝහලේ මහාචාර්ය ඒකකයේ හටගත් ගින්නෙන් රුපියල් කෝටි 50කට වැඩි අලාභයක් සිදුව තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා සඳහන් කළේ එම ඒකකය තුළ එම්.ආර්.අයි. ස්කෑනර් යන්ත‍්‍රය සවිකරන අවස්ථාවේදී මෙම ගින්න හටගත් බවයි.

රුපියල් කෝටි 25ක් පමණ වටිනා ස්කෑනර් යන්ත‍්‍රයට ද ගින්නෙන් අලාභ හානි සිදුව ඇති බවයි වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා සඳහන් කළේ. මහල් 6කින් යුත් රෝහල් ගොඩනැගිල්ලේ පහත මාලයේ පිහිටි මහාචාර්ය ඒකකය තුළ අද අලූයම මෙම ගින්න හටගැනුණා.

එහි තිබූ තවත් උපකරණ රැසකට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි .

පිටසක්වළ පාවිච්චියට ඔරලෝසු පනහක් පෘථිවියෙන්

ගුරුත්වාකර්ෂණයෙන් තොර කලාපයන්හි (OUTER SPACE) භාවිත කළ හැකි ආකාරයේ ඔරලෝසුවක් නිපදවීමට ස්විට්සර්ලන්තයේ MB&F සමාගම කටයුතු කර තිබෙනවා. මෙම ඔරලෝසුව HM 6 Space Pirate ලෙසිනුයි නම්කර තිබෙන්නේ.
මෙම ඔරලෝසුව සැලසුම්කර ඇත්තේ 70 දශකයේ ජනප්‍රිවූ Captain Future නම් කාටූන් චරිතයක් තේමා කොට ගනිමිනි. HM 6 (Horological Machine 6) මාදිලියේ ඔරලෝසු නිපදවීම සංඛ්‍යාත්මකව 50ට සීමා කිරීමට සමාගම තීරණයකර තිබෙනවා.

කුකුළු මස් සමග ගෙදර එන මාරයා

කුකුළු මස් පරිභෝජනය හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලක්ෂ 5කට පමණ වාර්ෂිකව වමනය සහ පාචනය වැළ‍ෙඳෙන බව හෙළිව තිබෙනවා. එපමණක් නොව මේ හේතුවෙන් වාර්ෂිකව 100ක් පමණ දෙනෙකු මියයන බවයි එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරන්නේ.
මෙය මහජන සෞඛ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජනයක් බවයි සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

ඉන්දියාවේදී ශ‍්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් දිවි හානි කරගැනීමට තැත් කරයි

ඉන්දියාවේ තිරුචි බන්ධනාගාරයේ විශේෂ කඳවුරක රඳවා සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයින් 20 දෙනෙකු දිවි හානි කරගැනීමට තැත් කර තිබෙනවා.‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය සඳහන් කළේ ඔවුන් මේ වන විට ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.
 නිදි පෙති අධික ලෙස පානය කර ඔවුන් දිවි හානි කරගැනීමට තැත්කර තිබෙනවා.
තිරුචි බන්ධනාගාරයේ මේ වන විට ශ‍්‍රී ලාංකික සරණාගතයින් 26 දෙනෙකු රඳවා සිටින අතර, ඔවුන් ඉකුත් සෙනසුරාදා උපවාසයක් ද ආරම්භ කළා. ඒ, තමන්ට එල්ල වී ඇති චෝදනා කඩිනමින් විභාග කරන ලෙස බලකරමින්.

Tuesday, November 18, 2014

ගෝල්ෆේස් හෝටල්යේ සිටි ලොව වයස්ගතම හෝටල් සේවකයා මියයයි

ගාලු මුවදොර හෝටලයේ වසර 72කට අධික කාලයක් දොරටුපාල වශයෙන් කටයුතු කළ කොට්ටරපට්ටු චට්ටු හෙවත් කුට්ටන් මහතා ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. 1920දී ඉන්දියාවේ කේරළයේ උපන් කුට්ටන් මහතා යොවුන් වියේදීම තලෙයිමන්නාරමට පැමිණ ඇති අතර 1938දී කොළඹට පැමිණ තිබෙනවා.
කොළඹට පැමිණි ඔහු ගෝල් ෆේස් හෝටලයේ වේටර්වරයකු ලෙස එකතු වීමට පෙර කොළඹ ප්‍රභූ පවුල්වල සේවකයකු ලෙස සේවය කර තිබෙනවා.

මාලිංග නවසීලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට

පාදයේ ශල්‍ය කර්මයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග, එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන නවසීලන්ත තරගාවලියේදී යළිත් ශ්‍රී ලංකා පිලට එක්වීමට සූදානමින් සිටී.
ඔහු නවසීලන්ත පිල සමඟ පූර්ණ තරගාවලියට එක් නොවන අතර එහි අවසන් තරග 2 ට බොහෝවිට ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ.

මාගම්පුර වරායේ චීන නාවික කඳවුරක්..?

චීනය, ශ්‍රී ලංකාව ඇතුළු උපාය මාර්ගික වැදගත්කමක් ඇති ස්ථාන 18ක නාවික කඳවුරු ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි The Namibian පුවත්පත අනාවරණය කර තිබේ.

එම පුවත්පත පවසන්නේ, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ආශ්‍රිතව අදාළ චීන නාවික කඳවුර ඉදි කිරීමට සැලසුම් කර ඇති බව ය.

චීනය සැලසුම් කර ඇති නාවික කඳවුරු 18න් එකක් නැමීබියාවේ වැල්විස් බොක්ක (Walvis Bay) ආශ්‍රිතව ඉදිවන බව එරට ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක ලුතිනන් කර්නල් මොනිකා ෂියා තහවුරු කර ඇතැයි The Namibian පුවත්පත පවසයි.

දොස්තරලාට ඉතිහාසගත රැවටිල්ලක් කරලා


නව සේවා ව්‍යවස්ථාවට අනුව වෛද්‍යවරුන්ගේ පළමු වැටුප් වර්ධකය රුපියල් 645 ක් වුවත්, දෙවැනි වැටුප් වර්ධකයට ලබාදී තිබෙන්නේ රුපියල් 05 ක වැටුප් වැඩිවීමක් බවත්, නව සේවා ව්‍යවස්ථාවෙන් වෛද්‍යවරුන් ඓතිහාසික රැවටීමකට ලක්කර තිබෙන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මෙම සේවා ව්‍යවස්ථාව 6/2006 වැටුප් චක‍්‍රලේඛයට අනුව සකස් කර තිබෙන බවත්, එහෙත් එම සේවා ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වන දිනය 2013 වසරේ නොවැම්බර් මාසයේ සිට බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.

මාතලේ මිනීවලේ රහස හෙළි වෙයි

මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් මිනිස් අස්ථි කොටස් 1951 වර්ෂයට පෙර ඒවා බවට තහවුරු වී තිබේ.
අදාළ අස්ථි කොටස්වල කාල නිර්ණය කිරීම සම්බන්ධයෙන් වු වාර්තාව (18) මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් මේ බව සඳහන් විය.
පසුගිය දා මාතලේ රෝහල් භූමියේ තිබි සොයා ගත් අස්ථි කොටස් පිළිබඳ පරික්ෂණ පැවැත්වීමට ඒවා අමෙරිකාවට යවා තිබුණි.‍

ගාල්ලේ පන්සලක අද්භුත පා සටහන් (පින්තුර)

ගාල්ල විහාරස්ථානයක බෝධින් වහන්සේ වැඩසිටින වැලි මළුවේ මිනිස් පා සලකුණු වලට වඩා විශාල හා දිගු වු පාසටහන් ඇති බව වාර්තා වෙනවා.

ගාල්ල තල්ගස්වල නියාගම මානම්පිට ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයේ බෝධීන්  වහන්සේ චෛත්‍ය හා බුදු පිළිමය ආදි තැන්වලට මිනිස් පාදවලට සමාන නමුත්, ඉතා විශාල හා විශාල දිගින් යුතු පා සළකුණු රැසක් විහාරස්ථානයේ වැලි මළුවේ සටහන් වීම නිසා

Monday, November 17, 2014

කෞතුකාගාරයේ දොරක අගුලූ කැඩීම අභ්‍යන්තර ආරවුලක්ද?

කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉහල මහලයේ රෙදි පිළි සහ මැටි භාණ්ඩ ප‍්‍රදර්ශන කුටියේ දොරක අගුළු විවෘත කිරීමේ සිද්ධිය එහි නිලධාරීන්ගේ තනතුරු සම්බන්ධ ගැටුමක් මත සිදුකරන ලද්දක් දැයි සැක මතුව තිබෙනවා. දැනට ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂ ධූරය පුරප්පාඩුව පවතින අතර ඒ සඳහා වැඩබලන අධ්‍යක්‍ෂිකාවක් පත් කර තිබෙනවා. කිසියම් අයෙකු අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම ක‍්‍රියාව සිදුකර ඇත්දැයි මේ වන විට පරික්‍ෂණ පැවැත්වෙන බවයි පොලිසිය පවසන්නේ.

අසභ්‍ය සංයුක්ත තැටි අලෙවි කළ ස්ථානයක් වටලයි

පාසල් සිසුන් සහ තරුණයන් ඉලක්ක කරගෙන අසභ්‍ය දර්ශන ඇතුලත් සංයුක්ත තැටි අලෙවි කළ ස්ථානයක් මූන්දලම පොලිසිය විසින් වටලා තිබෙනවා. පුද්ගලයෙකුගෙන් ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේ දී එම ස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි මූන්දලම පොලිසිය පැවසුවේ.

එහිදී අලෙවි කිරීම සඳහා සුදානම් කර තිබු අසභ්‍ය දර්ශන ඇතුලත් සංයුක්ත තැටි කිහිපයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

බි‍්‍රතාන්‍ය යුගයේ ඉදිකළ හම්බන්තොට එල්ලූම්ගස සංරක්‍ෂණය කෙරේ

බි‍්‍රතාන්‍ය යටත් විජිත සමයේ ඉදිකරන ලද හම්බන්තොට එල්ලූම්ගස සහ මුරකුටිය සංරක්‍ෂණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. රසායන සංරක්‍ෂණ ක‍්‍රමවේදයක් මගින් එල්ලූම්ගසේ දැව කොටස් සංරක්‍ෂණය කර ඇලූමිනියම් ලෝහ තහඩු යොදා ගනිමින් එහි බදේ පහල කොටස ශක්තිමත් කිරීම මේ යටතේ සිදුකිරීමට නියමිතයි. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ හම්බන්තොට

ලොව දුප්පත්ම ජනපති සල්ලි කන්දක් එපා කියයි!

ලොව දිළිඳුම ජනපති ලෙස හඳුන්වනු ලබන උරුගුවේ ජනපති ජොසේ මුජිකාගේ පැරණි වොක්ස් වැගන් බීට්ල් මෝටර් රථය මිලදී ගැනීමට අරාබි ෂීක් ජාතිකයකු ඉදිරිපත් වී ඇතැයි වාර්තාවේ. එම මෝටර් රථය අමෙරිකානු ඩොලර් මිලියනයකට මිලදීගැනීමට ෂීක් වරයා විසින් ලන්සුවක් ඉදිරිපත්කොට තිබේ. සුව පහසුකම් වලින් තොර ඉතා සරල ජීවිතයක් ගත කරන ජනාධිපති ජොසේ මුජිකාගේ සරල බවේ සංකේතයක් ලෙස මෙම වෝක්ස් වැගන් රථය සැලකේ.

ආයුර්වේද වෙදුන්ට ගංජා වන්න අවසර

ලියාපදිංචි වෛද්‍යවරුන්ට ඖෂද සදහා භාවිතා කිරීමට කංසා ගස් කිහිපයක් වවා ගැනීමට අවසරය ලබාදෙන යෝජනාවක් ඇතුළත් පනතක් ළගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා පවසයි.

Sunday, November 16, 2014

ශ‍්‍රී ලාංකික ධීවරයින් පිරිසකට නිදහස

බංග්ලාදේශ අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලාංකික ධීවරයින් පිරිසක් එරට බලධාරීන් විසින් නිදහස් කර තිබෙනවා. 
දේශසීමා උල්ලංගණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිටි ධිවරයින් 20 දෙනෙකු එලෙස නිදහස් කර ඇති බවයි ධීවර අමාත්‍යංශය ප‍්‍රකාශ කළේ. 
ධිවර යාත‍්‍රා 04ක් ද මුදාහැර තිබෙනවා. ඉකුත් මාසයේ ඇතිවු සුළු කුණාටුවකින් මෙම ධීවරයින් මියන්මාරය දෙසට ගසාගෙන ගොස් තිබුණා. 

බීමත් රියදුරා පාසල් සිසුවියන් අට දෙනෙකු යට කරයි (video)

අනුරාධපුර මෛති‍්‍රපාල සේනානායක මාවතේදී ඊයේ (16) සවස සිදුවූ අනතුරකින් අවුරුදු 15ත් 20 ත් අතර පාසල් සිසුවියන් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි සිසුවියන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 5.30ට පමණ අනතුරෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ උපකාරක පන්ති සඳහා පැමිණි  පිරිසක් හා දහම් පාසල් සිසුවියන් පිරිසක් බස් නැවතුම්පොළ තුළ රැඳී සිට ඇති බවත් පොලීසිය පැවසීය.

ඔබාමා, සුකී සිපගනී..

ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා බුරුම විපක්‍ෂ නායිකා අවුන් සාන් සුකීගේ කන සිපගෙන ඇතැයි වාර්තා වේ.

සිය ආසියානු සංචාරය තුළදී මියන්මාරයට පැමිණි ඔබාමා රැන්ගුන් නුවර පිහිටා ඇති සුකීගේ නිවහන වෙත ගොස් තිබේ.

එහිදී මාධ්‍ය ඇමතූ ඇමරිකානු ජනාධිපතිවරයා ටයිටේනියම්  ඕකිඞ් මල ලෙස හැඳින්වෙන සුකීට මියන්මාර් ජනාධිපතිවරණයට සහභාගී වීමේ අයිතිය අහිමි කිරිමට ගෙන ඇති තීරණය විවේචනයට ලක්කර ඇත.
දශක දෙකක පමණ කාලයක් පුරා නිවාස අඩස්සියේ පසුවූ මියන්මාර විපක්‍ෂ නායිකාව මින් වසර 4කට පෙර නිදහස් කරනු ලැබිණි.
කෙසේවෙතත් එරට ව්‍යවස්ථාවේ වගන්තියක් මත සුකීට ජනපතිධුරය සඳහා තරග වැදිය නොහැකි බවට අධිකරණය විසින් තීරණය කර තිබේ.

අවි ආයුධ ගැන ලංකාවෙන් ඉගෙන ගන්න

බිම්බෝම්බ ඉවත් කිරිම සහ අවි ආයුධ පිළිබඳව ශ්‍රි ලංකාව සතු දැනුම බෙදා ගැනිමට හැකි බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවා හි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි. 

යුද්ධය පැවති සමයේ දි එල්.ටී. ටී. ඊ ය විසින් වළ දැමු බිම් බෝම්බ විශාල ප්‍රමාණයක් මේ වන විට ගොඩගෙන ඇති බව ආරියසිංහ මහතා පැවසුවේය. 

විශේෂයෙන් මේ හේතුවෙන් පුද්ගල නාශක බිම්බෝම්බ පිළිබඳව ශ්‍රි ලංකා ආරක්ෂක අංශ සතුව විශේෂ හැකියාවක් සහ දැනුමක් ඇති බව ඔහු පෙන්වා දි තිබේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X